ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 20-20 ලෝක කුසලානයක පළමු වරට තරග තුනක් ජයගනී

පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්තය පරදා තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හැකියාව ලැබුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ ‘B’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.

එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී පැවති මෙම තරගයේ පළමු පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී 151ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

,ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 152ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 154ක් රැස්කරගනිමින් තරගය ජයගත්තා.

ඒ, අනුව මෙම තරගය ස්කොට්ලන්තය පරදා කඩුලු තුනක ජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගය ජයගෙන ‘B’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථාන දක්වා ඉදිරියට පැමිණියත් අවසන් පූර්ව වටයට පිවිසීමට ඇත්තේ ඉතා අවම අවස්ථාවක්.

මෙම ජයත් සමඟ මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ තරග තුනක් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වනවිට හැකියාව ලැබී ඇති අතර, විස්සයි විස්ස ලෝක කුසලානයක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරඟ 03ක් ජයග්‍රහණය කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14