රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක් (වීඩියෝ)

රාජ්‍ය සේවකයන් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඒ, අනුව සහන මිලට ගෙවීමේ ක්‍රමය යටතේ , කැකුළු සහ නාඩු සහල් කිලෝ 20ක් ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ලබාදෙන වවුචර් පතක් මඟින් සතොස ඔස්සේ එම සහල් ලබාගැනීමේ හැකියාව සලසන බවයි අමාත්‍යවරයා වැඩිදුරත් අදහස් දක්වමින් පැවසුවේ.

  1. හිටපු පාලකයන් ආගම් විදියට මිනිසුන් බෙදුවා ,ඕගොල්ලො රස්සාව අනුව බෙදන හරක් ක්‍රම හදුන්වා දෙන්න නෙමෙයි පර්ලිමේන්තු යැව්වේ ,රටේම ජනතාවට සහල් දෙන්න ඕන,කයිවාරු ගැව්වට සුපිරි වැඩ පිලිවෙලක් නැහැ ,හැම පලාතකම කානු අපිරිසිදුයි ඒවා බලන්න සුද්ද කරන්න වැඩපිළිවෙළක් නැහැ