පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන්වන විට කොදෙව්වන්ට වැඩි වාසි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට වැඩි වාසි අත්කර ගන්නට බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ්වල දී පැවැත්වෙන මෙම තරගයේ, දෙවන දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව්වන් කඩුලු 05ක් දැවී ලකුණු 271ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 37ක් පිටුපසින් සිටින්නේ කඩුලු 05ක් අතැතිවයි.

තරගයේ දෙවන දිනය අවසන් වනවිට කොදෙව් පළමු ඉනිම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදෙමින් සිටි අමීර් ජංගූ ලකුණු 78ක් රැස්කරගෙන සිටියා.

එමෙන්ම කොදෙව් නායක රොස්ටන් චේස් ලකුණු 42ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක කොදෙව් පළමු ඉනිමේ කඩුලු 02 බැඟින් දවාගෙන සිටිනවා
.
මේ අතර තරගයේ දෙවන දිනයේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදුවුණා.

දකුණු කලවා මාංශ පේශියේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර, ඔහුව MRI ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39