ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මකයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය A කණ්ඩායම ආරාධනා කළා.
එම ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවාර 06 තුළ කිසිඳු කඩුල්ලක් නොදැවී 99ක් රැස් කළා.
මෙහිදී ඉන්දීය ආරම්භ පිතිකරු වෛභව් සූර්යවංශි පන්දු 11ක් තුළ වේගවත් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.
ඔහුගේ මෙම අර්ධ ශතකයට හයේ පහර 05ක් සහ හතරේ පහට 05ක් ඇතුළත් වන අතර ඔහු මෙම ලකුණු පනහා රැස් කළේ හයේ සහ හතරේ පහරවලින් පමණක්වීම විශේෂත්වයක්.
ඔහු රැස් කළ මෙම අර්ධ ශතකය පළමු පෙළ ක්‍රිකට් තරගවල වේගවත්ම එක්දින අර්ධ ශතකය ලෙස වාර්තා අතරට එක් වුණා.













