ජුනි මාසයේ දෙවන අදියරට අදාළ අස්වැසුම දීමනාව පමණක් හෙට (23) දිනයේ සිට ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ මෙම ප්‍රතිලාභය පවුල් 270,025 කට හිමිවන බවයි.
රුපියල් 3,287,163,750ක් හෙට (23) දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම් ගිණුම් වෙත බැර කරන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ.













