පෙරහැරකට රැගෙනවිත් සිටි අලියෙක් පහර දී ඇත්ගොව්වා සහ සහායකයා මරුට

රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහැරකට සහභාගී කරවීමට රැගෙනවිත් සිටි අලියෙකු සිදුකළ පහරදීමකින් ඇත්ගොව්වා සහ සහායකයා මිය ගොස් තිබෙනවා.

රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ පැවැති 78 වන පොසොන් පෙරහැරට සහභාගී කරවීමට මෙම අලියා ගෙනවිත් සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (21) පැවැති පෙරහැරට රැගෙන ආ අලි දෙදෙනෙකු විහාරස්ථානය ආසන්නයේ බැඳ තිබී ඇති අතර, අද (22) උදෑසන එම අලියෙකුට ජලය ලබාදීම සඳහා ඇත්ගොව්වාගේ සහයකයා විසින් අලියා රක්වාන ගඟ දෙසට රැගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී අලියා කුපිත වී සහයකයාට පහරදී පාගා මරා දමා ඇති අතර, සහායකයාගේ කෑගැසීම ඇසී එම ස්ථානයට ගිය ඇත්ගොව්වාට ද අලියා පහර දී ඇති අතර, ඔහුද එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් පසු අලියා විහාරස්ථානය අසල කුඹුරු යායකට පැන ගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34