බොරැල්ලේ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ගැන තොරතුරු හෙළිවෙයි

බොරැල්ල ප්‍රදේශයේදී අද (20) සිදු වූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිට නිදහස් වූ පුද්ගලයෙකු බව පොලිසිය පවසනවා.

බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී යි අද උදෑසන නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර තිබුණේ.

මියගිය පුද්ගලයා තම දියණිය සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ඔහු කැලණිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර දියණිය යතුරුපැදියෙන් බැස ඥාති නිවසකට යමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් ඔහුට වෙඩි තබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

වෙඩි වැදී බිම වැටුණු පුද්ගලයා ආසන්නයට පැමිණි වෙඩික්කරුවෙකු නැවත වතාවක් ඔහුට වෙඩි තබා පළා ගොස් තිබුණා.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී හිස් උණ්ඩ 27ක් පමණ සොයාගෙන ඇතැයි සඳහන්. අනතුරුව තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ‍තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වූයේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සබඳතා පැවැත්වීම සහ මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහාය ලබාදීම යන චෝදනාව යටතේ බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූ අයෙක් බව පොලිසිය ප්‍රකාශ කළා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56