බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්‍රදේශයේ දී පසුගිය ජුනි මස 24 වනදා පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලැබුණු තොරතුරක් මත මෙම අපරාධය සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (04) රාත්‍රියේ බොරැල්ල පොලිස් වසමේ සිරිසර උයන හා වැල්ලම්පිටිය පොලිස් වසමේ සේදවත්ත යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 18 හා 19 වයස්වල පසුවන්නන් බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් අපරාධයට යොදාගත් යතුරුපැදිය ධාවනය කළ තැනැත්තා බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම අපරාධයට අදාළව සැකකරුවන් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.