බේරේ අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් ජපානයෙන් නොමිලේ

කොළඹ නගරයේ පිහිටි බේරේ වැව පිරිසිදු කර අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ සිදුකර දීමට ජපන් සමාගමක් එකඟතාවය පළ කර තිබෙනවා.

මීට අදාළ ගිවිසුම් අත්සන් කිරීම පෙබරවාරි මස මුල් සතිය තුළ සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යපෘතිය ආරම්භ කළ දින සිට මාස 06 ක් ඇතුළත වැඩ අවසන් කිරීමට නියමිත අතර, ඒ සඳහා වැයවන මුදල ඩොලර් මිලියන 03ක්.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ එම සමාගමේ නියෝජිතයන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකින් පසු අදාළ සමාගම මෙම එකඟතාවය පළ කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
31
අවුල් වගේ !
2
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
5
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?