හජ්ජි දිනය දා ප්‍රධාන මුස්ලිම් පල්ලි අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් හා ප්‍රීතියෙන් සමරනු ලබන ඔවුන්ගේ ප්‍රධානතම ආගමික උත්සව දෙකෙන් එකක් වන “ත්‍යාගවන්‍ත භාවයේ උත්සවය හෙවත් කැප කිරීමේ උත්සවය” ලෙස හඳුන්වන “හජ්ජි උත්සවය” මෙවර ද මෙම මස 28 වැනිදාට යෙදී තිබෙනවා.

එම ආගමික කටයුතු සිදු කිරීම සඳහා සහභාගි වන ඉස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිතුමා විසින් දිවයිනේ සියළුම පොලිස් ස්ථානයන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙන බව පොලිසිය විසින් නික්වෙදනයක් නිකුත් මින් පවසනවා.

  • විශේෂ යාඥාවන් පැවැත්වෙන සියලුම ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි අවස්ථානුකූලව පොලිස් නිලධරයන් ආරක්ෂාව සඳහා යෙදවීම
  • මුස්ලිම් පල්ලි අවට අධික රථවාහන තදබදයක් ඇති වීම වැළැක්වීම සහ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම
  • ඉස්ලාම් භක්තිකයින් වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව ජංගම සංචාර, පාමුර / පාපැදි, බීට්ටු සහ යතුරු පැදි සංචාර ක්‍රියාත්මක කරමින් ආරක්ෂාව තහවුරු කිරීම
  • බුද්ධි නිලධරයන් යොදවා අවස්ථානෝචිතව තොරතුරු ලබා ගැනීමට කටයුතු කිරීම

පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා පොලිසිය ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසත්, කිසියම් සැකකටයුතු පුද්ගලයකු හෝ සැකකටයුතු යමක් දක්නට ලැබුණහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 119 / 118 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉස්ලාම් බැතිමතුන්ට තම ආගමික වත් පිළිවෙත් කිසිදු බියකින් හෝ බාධාවකින් තොරව, සාමකාමී වටපිටාවක ඉටු කිරීමට ඉඩ සැලසීම සහ ආගමික සංහිඳියාව පවත්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ගනු ලබන පියවරයන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

    • මුස්ලිම් ත්‍රස්තවාදය සිංහල හා දමිල ජන සංහාරය කල නිසා සිංහල හා දමිල ජනතාව රටේ නිතීය හරහාම නිහඩ කොට අසරණ කොට ඇත.

  1. උන් ගෙන් සිංහල හා දමිල ජනතාව ප්‍රවේශම් කර යුතු බව මුස්ලිම් ත්‍රස්තවාදය ඔප්පු කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01