රුපියල් ලක්ෂයක මුදලකට, දින 19 ක් වයසැති බිළිදෙක් මාරු කිරීමට ගිය මව අත්අඩංගුවට

දින 19 ක් වයසැති බිළිදෙකු රුපියල් ලක්ෂයක මුදලට අලවි කිරීමට සුදානම් වූ 06 දෙනෙක්ව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) ආණමඩුව – ආඩිගම ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මිලදී ගන්නා බිළිදාව රැගෙන ඒම සදහා ගිය බව කියන වෑන් රථයෙක්ද පොලිස් බාරයට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස් අතර, බිළිදාගේ මව, ඇයගේ වැඩිමහල් සහෝදරයෙක්, ඔහුගේ බිරිද, බිළිදා මිලදී ගැනීමට සුදානම් වූ අඹු – සැමි යුවලක් සහ පොලිස් බාරයට ගෙන ඇති වෑන් රථයේ රියදුරුද වන බව පොලිසිය පවසනවා.

බිළිදා අලෙවි කිරීමට සුදානම් වූ මව ඇයගේ සහෝදරයා ආණමඩුව – ආඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

බිළිදා මිලදී ගැනීමට සුදානම් වූ අඹු – සැමි යුවල කල්පිටිය – මාම්පූරිය පදිංචිකරුවන් බවත් පොලීසිය පවසනවා.

බිළිදා රැගෙන ඒමට ගිය වෑන් රථය පදවා ඇත්තේ පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බිළිදා අලවි කිරීමේ අතරමැදි කටයුත්ත සිදු කර ඇත්තේ වෛද්‍යවරයෙකු විසින් බවටද වැඩිදුර විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ සැකකාරියන්ද,පොලිස් බාරයට ගෙන ඇති බිළිදා සහ වෑන් රථයද වැඩිදුර විමර්ශණ කටයුතු සදහා පුත්තලම පොලීසියට බාර දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24