බීඩි කොළ කිලෝ 1156කට අධික තොගයක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස රැගෙන විත් නිවසක් තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1156 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සමග එක්ව පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ.

එම ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂාවට ලක්කරන ලද අතර, එහි අලෙවි කිරීම සඳහා කාඩ්බෝඩ් ඇසුරුම් 44 ක් තුල ඇසුරුම් කර තිබූ බීඩි කොළ කිලෝ 1156 යි ග්‍රෑම් 700 ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් සහ නල්ලතන්නිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 සහ 45 වයස්වල පසුවන දෙදෙනෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් දූෂණ මර්ධන ඒකකය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14