බිත්තර සඳහා වැඩිම දඩය අවිස්සාවේල්ල අධිකරණය ගසයි

පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අලෙවි කළ හංවැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට රුපියල් 1,020,000 දඩයක් නියම කිරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

ප්‍රධාන මහේස්ත්‍රාත් කේ.එම්.ජේ.පී. සමරසිංහ විසින් මෙම දඩය නියම කරනු ලැබූ අතර, බිත්තර වැඩිමිලට විකිණීම හා සලකුණු කර තිබූ මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කිරීම යන චෝදනා මත මෙලෙස දඩ නියම කර ඇති බවයි වාර්තා වුණේ.