Fly high Get bonus Aviator Phone

බාලවයස්කාර දැරිය සමඟ පවුල් කෑ 23 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක බාලවයස්කාර පාසල් සිසුවියක් සමඟ අඹුසැමි ඇසුරක් පැවැත් වූ බව කියන 23 හැවිරිදි තරුණයෙක් උදාසිරිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලුණුවිල, කිරිමැටියානවත්ත ප්‍රදේශයේ නිවසක දින කිහිපයක සිට බාලවයස්කාර දැරියක් සිටින බව පොලිසියට ලද දැනුම්දීමක් මත අදාළ නිවසට ගිය පොලිසිය සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන දැරිය පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ දැරිය තොඩුවාව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර ඇයගේ පියා ඔවුන්ව අතහැර ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව දැරියගේ මව වෙනත් පුරුෂයෙකු සමඟ ජීවත්වන්නට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාර්තු මාසයේ තොඩුවාව ප්‍රදේශයේ පැවති උත්සවයක දී දැරිය මෙම තරුණයා හඳුනාගෙන ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පසුගිය දිනක දැරිය සහ සුළුපියා අතර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව ඇය සිය ඇඳුම් බෑගය ද රැගෙන තොඩුවාව – ඉරණවිල ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකාර ප්‍රේමවන්තයාගේ සහෝදරියකගේ නිවසට ගොස් තිබෙනවා.

පසුව එම නිවසට පැමිණ ඇති සැකකාර ප්‍රේමවන්තයා එදින දැරිය අපහරණයට ලක්කර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඉන් අනතුරුව මැයි මසයේ දී අදාළ බාලවයස්කාර දැරිය සැකකාර ප්‍රේමවන්තයාගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් අඹුසැමියන් ලෙස ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිස් භාරයට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පෙම්වතා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
6
+1
12
+1
6
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?