බාලවයස්කාර දැරිය සමඟ පවුල් කෑ 23 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක බාලවයස්කාර පාසල් සිසුවියක් සමඟ අඹුසැමි ඇසුරක් පැවැත් වූ බව කියන 23 හැවිරිදි තරුණයෙක් උදාසිරිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලුණුවිල, කිරිමැටියානවත්ත ප්‍රදේශයේ නිවසක දින කිහිපයක සිට බාලවයස්කාර දැරියක් සිටින බව පොලිසියට ලද දැනුම්දීමක් මත අදාළ නිවසට ගිය පොලිසිය සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන දැරිය පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ දැරිය තොඩුවාව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර ඇයගේ පියා ඔවුන්ව අතහැර ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව දැරියගේ මව වෙනත් පුරුෂයෙකු සමඟ ජීවත්වන්නට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාර්තු මාසයේ තොඩුවාව ප්‍රදේශයේ පැවති උත්සවයක දී දැරිය මෙම තරුණයා හඳුනාගෙන ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පසුගිය දිනක දැරිය සහ සුළුපියා අතර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව ඇය සිය ඇඳුම් බෑගය ද රැගෙන තොඩුවාව – ඉරණවිල ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකාර ප්‍රේමවන්තයාගේ සහෝදරියකගේ නිවසට ගොස් තිබෙනවා.

පසුව එම නිවසට පැමිණ ඇති සැකකාර ප්‍රේමවන්තයා එදින දැරිය අපහරණයට ලක්කර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඉන් අනතුරුව මැයි මසයේ දී අදාළ බාලවයස්කාර දැරිය සැකකාර ප්‍රේමවන්තයාගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් අඹුසැමියන් ලෙස ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිස් භාරයට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පෙම්වතා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36