spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බල ශක්ති ඇමති සහ මහ බැංකු අධිපති හදිසියේ මුණගැසුනේ ඇයි….?

විදුලිබල හා බලශක්ති අමාත්‍යධූරය හොබවන කංචන විජේසේකර මහතා අද (30) උදෑසන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී තිබෙනවා. එසේ හමුවීමට මූලික හේතුව වී ඇත්තේ එළඹෙන ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමය.

මෙම හමුවේ දී කංචන විජේසේකර අමත්‍යවරයා පවසා ඇත්තේ,එළැබෙන ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 554ක මුදලක් අවශ්‍ය බවය.

එහිදි අනාවරනය වූ කරුණු අනුව මෙම මුදල් අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙනු ඇත.

ඒ අතරම තවත් ණයක් ගැනීම සඳහා ඉන්දියානු රජය සමග සාකච්ඡා සිදුකරන බවද එහිදී හෙළිදරව් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?