බඩල්ගම ප්‍රදේශයේ කෝටි ගණනක මූල්‍ය වංචාවක් – පොලිසිය නිහඬ බවට චෝදනා

බඩල්ගම ප්‍රදේශයේ, මහනායක මුදලිගේ නමින් පවත්වාගෙන යනු ලබන විදේශ රැකියා ඒජන්සියක් හරහා විදෙස් රැකියා ලබා දෙන බවට පවසා රුපියල් කෝටි ගණනක මුල්‍ය වංචාවක් සිදු කළ බවට චෝදනා කරමින් පුද්ගලයින් පිරිසක් කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක නිරත වනවා.

විරෝධතාවයේ නියතු පිරිස සඳහන් කරන්නේ, අවස්ථා කිහිපයක දී මේ සම්බන්ධයෙන් බඩල්ගමුව පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ ද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් බඩල්ගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කරනු ලැබූ විමසීමකදී, ඔහු සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් පොලිසිය ලැබී ඇති අතර, ඒ පිළිබද ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම පැමිණිලි විදෙස් සේවා නියුක්ති සේවා කාර්යාංශය වෙත යොමු කර ඇති බවයි.

මෙම විදේශ රැකියා ඒජන්සිය ලියාපදිංචි වී ඇති මහනායක මුදලිගේ නම් සැකකරු මේ වන විට සැඟව සිටින බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කරන බවත්, බඩල්ගම පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

  1. විමර්ශන ක්‍රියාත්මක වෙනවනේ.. පොලෝසියට කරන්න පුළුවන් එච්චරයිනේ.. නැතුව අරූව හොයාගෙන එන්න බෑනෙ. එකට‍ උසාවියෙන් වරෙන්තුවක් ඕනෙනෙ.
    කවුරු හරි ඌව අල්ලලා ගෙනත් දුන්නොත් කුඩුවට දාල දෙයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57