අධිවේගී මාර්ගයේ ධාවනය කරන සියලුම රථ වාහනවල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට ක්‍රියාත්මකයි.
එම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වසරක පමණ සහන කාලයල ලබා දී තිබූ අතර අදින් (18) එම සහන කාලය අවසන් වනවා.
ඒ අනුව, හෙට (19) සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසන්නේ.
එමෙන්ම ආසන පටි නොමැති රථ වාහන සඳහා අධිවේගී මාර්ගයට ඇතුළු වීමද හෙට (19) දිනයේ සිට තහනම් වනවා.













