ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අද ජනපති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (Battery Energy Storage System – BESS) අද (18) අනුරාධපුරයේදී විවෘත කෙරෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ වරාය,සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගේ සහභාගිත්වයෙන්.

තව ද පුනර්ජනනීය බලශක්තිය තුලින් විදුලිය උද්පාදනය කිරිමේ රජයේ ජාතික වැඩසහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති පද්ධතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද(18) පස්වරුවේ විවෘත කෙරෙනවා