පොලිස් ස්ථානාධිපතිවරුන් 184න් 182ක් ම පොහොට්ටුවේ පත්වීම්..!

පසුගිය 2021.01.01 සිට, 2021.11.03 දක්වා මෙම රජය යටතේ ස්ථානාධිපති ධුර ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිශ්චිත ක්‍රමවේදය සපුරා සුදුසුකම් සහිතව එම තනතුර ලබාගෙන ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන් 02ක් පමණක් බව පොලිස්පතිවරයා පවසනවා.

සෙසු පොලිස් ස්ථානාධිපතිවරුන් 182 දෙනාම තමන්ගේ නිර්දේශවලින් තොරව පොහොට්ටුවේ දේශපාලනඥයින්ගේ බලපෑම මතම පත්වීම් ලබා ඇති ආකාරය පොලිස්පතිවරයා විසින් මීට මාස 05කට පෙර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති අයුරු වාර්තාවෙන් හෙළිදරව් වී තිබෙනවා.

පසුගිය 14 වනදා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ගෙන්වා සිය නිවෙස්වලට ආරක්ෂාව තහවුරු නොකිරීම සම්බන්ධව තිත්ත කතාවෙන් බනින ලද මන්ත්‍රීවරුන් නිරුත්තර කරමින් පොලිස්පතිවරයා හෙළිදරව් කර තිබුණා.

පොහොට්ටු ආණ්ඩුව විසින් පොලිසිය දේශපාලනීකරණය කළ ආකාරය පිළිබඳ වූ පිළිකුල් සහගත ඇත්තය.

පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පෞරුෂය, විනය සහ වගකීම හැඩගස්වමින් එම ධුරය සඳහා පොලිස් නිලධාරියෙක් හුරු කරන සම්ප්‍රදාය කරුණු 09ක් ඔස්සේ ඉතා පැහැදිළි ලෙස පෙළ ගස්වන පොලිස්පතිවරයා පෙන්වා දී ඇත්තේ එම ක්‍රමවේදය බිඳුණු අවස්ථාවල සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් වූ බවයි.

පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කරගත් පොලිසියේ ක්‍රමවේදය

පොලිස් ස්ථානාධිපතිවරයෙක් ලෙස නිලධාරියෙක් තෝරා ගැනීම, පුහුණු කිරීම සහ අත්දැකීම් සහ පලපුරුද්ද ක්‍රමානුකූලව ලබාදීම සඳහා අනාදිමත් කාලයක සිට හැඩගැසුනු සම්ප්‍රදායක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇත.

උප පොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරීන් පොලිස් ස්ථානවල ඇති විවිධ අංශවල වගකීම්වලට අනුයුක්ත කර ඇත්දැකීම් ලබා දීම, එසේ නිපුණතාවයක් සහිත නිලධාරීන් පොලිස් පරීක්ෂක හෝ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට පත් වූ විට පොලිස් ස්ථානයක කාර්යය එක් එක් අංශවලට බෙදා වෙන් කර නැති, සියලුම වගකීම් පොලිස් ස්ථානාධිපතිවරයාම දැරිය යුතු C හෝ D ලෙස පරිපාලන වර්ග කිරීමට යටත්වන කුඩා පොලිස් ස්ථානයක වගකීම් පවරා අත්දැකීම් ලබාදීම, අනතුරුව එම නිලධාරීන් ඊට වඩා පරිපාලන වගකීම් සහිත B හෝ A3 පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපති සේවයේ යෙදවීම.

අනතුරුව A1 හෝ A2 ලෙස ශ්‍රේණිගත කර ඇති වගකීම් බහුල, සංකීර්ණ පරිපාලන කටයුතු සහිත කාර්ය බහුල පොලිස් ස්ථානයකට ස්ථානාධිපතිවරයෙක් ලෙස ඉහත ධුරාවලිය යටතේ අත්දැකීම් ලබන නිලධාරීන් පත් කිරීම.

පොහොට්ටු ආණ්ඩුවේ ඕ.යි.සීලා,

එහෙත් පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ තනතුරු ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් 184 ගෙන් ස්ථානාධිපතිවරුන් තෝරා ගනු ලබන සම්මුඛ පරික්ෂණයටවත් නොපැමිණ එම තනතුරු ලබාගත් නිලධාරින් ගණන 126කි.

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ එයින් අසමත් වූ පොලිස් නිලධාරීන් 03ක් දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපති ධුර ලබාගෙන තිබෙනවා.

මින් පෙර කිසිදු පොලිස් ස්ථානයක ස්ථානාධිපතිකමක් නොකර A1 හෝ A2 පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයට නිලධාරීන් 13ක් පත් කර ඇත.

එමෙන්ම මින් පෙර කිසිම පොලිස් ස්ථානය ස්ථානාධිපතිකමක් නොදැරූ නිලධාරීන් 21 දෙනෙක් A3 පරිපාලන ඛාණ්ඩයේ පොලිස් ස්ථානවල ස්ථානාධිපති පත්වීම් ලබාගෙන තිබිණි.

B හෝ C ශ්‍රේණියේ පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයක් දරමින් සිට කෙලින්ම A3, A2 හෝ A1 ශ්‍රේණියේ ස්ථානාධිපති ධුරයට පත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් ගණන 19ක්.

මේ පත්කරගැනීම් වලින් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම් මෙන්ම පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සැලකිය යුතු ලෙස වැඩි වී තිබුණු අයුරු ද සංඛ්‍යාලේඛණ සහිතව පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14