පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ විශේෂ මාධ්‍ය හමුව (වීඩියෝ)

රාජ්‍ය, පෞද්ගලික, අත්‍යාවශ්‍ය සේවා සඳහා පළාත් අතර සංචරණයට අවසර – බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් දැනට නැහැ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පරීක්ෂා කිරීම් වලින් අනතුරුව පළාත් අතර සංචරණය කළ හැකි අතර, දැනට බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බව පොලීසිය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඒ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළා.

එසේම, ලබන 31 වනදා දක්වා වෙනත් පළාත් වල පුද්ගලයින්ට නවාතැන් පහසුකම් ලබාදෙන හෝටල් සහ ලැගුම්හල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මීට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේදී උපමාන ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු ලබන 31 වනදා දක්වා අවලංගු කර ඇති බවයි ඔහු කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14