මත්පැන් සාදයක් අතර තුර පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව කොස්වත්ත පොලීසිය පවසනවා.
පහර කෑමට ලක්ව ඇත්තේ කොස්වත්ත පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක්.
ඉකුත් 13 වැනිදා සේවය අතහැර ගොස් සිටින පොලිස් පරීක්ෂකවරයෙකු කොස්වත්ත පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරීන් කීප දෙනෙකු සමග මත්පැන් සාදයක් පවත්වා ඇත අතර මෙම මත්පැන් සාදය පවත්වා ඇත්තේ කොස්වත්ත පොලිස් වසමේ පිහිටි අවන්හලකදීය.
එම මත්පැන් සාධය අතර තුර ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව පහර දීම සිදුවී ඇති බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.