පිරිසක් බය කරමින් කැළණි ගඟෙන් ගොඩට ආ කට්ටඩියා

කැළණි ගඟේ තිබී සිරුර සොයාගත්, හංවැල්ලේදී පැහැරගෙන ගිය කට්ටඩියාගේ ඝාතන සිද්ධියට, කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කට්ටඩියාගේ අනියම් බිරිඳ, ගල් වැඩපොළක රියදුරුරෙකු ලෙස සේවය කරන පුද්ගලයෙක් සහ ඔහුගේ ඥාතියෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන ගල් වැඩපොළක රියදුරුරෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහ කට්ටඩියාගේ අනියම් බිරිඳ අතර තිබූ තවත් අනියම් සම්බන්දතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඝාතනයට යොදාගත් මිටියක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙම කට්ටඩියා සිය අනියම් බිරිඳ සමඟ හංවැල්ල, අඹුල්ගම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර පසුගිය 23 වැනිදා කිසියම් පිරිසක් විසින් ඔහු රැගෙන යන ආකාරය ආරක්ෂිත කැමරාවල ද සටහන්ව තිබුණා.

අත්අඩංගුවට සැකකරුවන් අද (29) දින අධිකරණය හමුවට නියමිත අතර හංවැල්ල පොලිසිය සහ නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40