spot_imgspot_img
spot_img

පැල් රකින්න ගිය පුද්ගලයෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

මහඉලුප්පල්ලම පුලියන්කුලම ප්‍රදේශයේ හේන් යායකදී වන අලියකු කළ පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 59 හැවිරිදි එක්දරු පියෙක්.

ඊයේ (07) රාත්‍රී 10ට පමණ මෙම වන අලි ප්‍රහාරය සිදු වන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම පුද්ගලයාගේ බිරිඳ විදේශ ගතව සිටින අතර විවාහක පුත්‍රයා නාවික හමුදාවේ සේවය කරන බැවින් මොහු තනිව දිවි ගෙවූ අයෙක් බව සඳහන්.

ඔහු අඹ, පොල් ඇතුළු වගාවන් රැසක් සිදු කළ බැවින් එම වගාවන් වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හේනේ වාඩියක් තනාගෙන සිටි බව ගම්වාසීන් ප්‍රකාශ කර තිබෙනවා.

සාමාන්‍යයෙන් ඔහු රාත්‍රී කාලය හේනේ වාඩියේ ගත කර උදෑසන පැමිණ නිවසේ කල් ගෙවන නමුත්, අද (08) සුපුරුදු පරිදි නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් කළ සොයා බැලීමේදී දැක ඇත්තේ වාඩියට ආසන්නයේ වැටී සිටින ආකාරයයි.

වැඩිදුර සොයා බැලීමේදී ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බැවින් ඒ පිළිබඳව පොලිසියට දැනුම්දී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර රෝහලට යොමු කර ඇති අතර ඉපලෝගම පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?