පැල් රකින්න ගිය පුද්ගලයෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

මහඉලුප්පල්ලම පුලියන්කුලම ප්‍රදේශයේ හේන් යායකදී වන අලියකු කළ පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 59 හැවිරිදි එක්දරු පියෙක්.

ඊයේ (07) රාත්‍රී 10ට පමණ මෙම වන අලි ප්‍රහාරය සිදු වන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම පුද්ගලයාගේ බිරිඳ විදේශ ගතව සිටින අතර විවාහක පුත්‍රයා නාවික හමුදාවේ සේවය කරන බැවින් මොහු තනිව දිවි ගෙවූ අයෙක් බව සඳහන්.

ඔහු අඹ, පොල් ඇතුළු වගාවන් රැසක් සිදු කළ බැවින් එම වගාවන් වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හේනේ වාඩියක් තනාගෙන සිටි බව ගම්වාසීන් ප්‍රකාශ කර තිබෙනවා.

සාමාන්‍යයෙන් ඔහු රාත්‍රී කාලය හේනේ වාඩියේ ගත කර උදෑසන පැමිණ නිවසේ කල් ගෙවන නමුත්, අද (08) සුපුරුදු පරිදි නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් කළ සොයා බැලීමේදී දැක ඇත්තේ වාඩියට ආසන්නයේ වැටී සිටින ආකාරයයි.

වැඩිදුර සොයා බැලීමේදී ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බැවින් ඒ පිළිබඳව පොලිසියට දැනුම්දී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර රෝහලට යොමු කර ඇති අතර ඉපලෝගම පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08