පැලවත්තේ හෝටලයකට තලංගම පොලිසියෙන් හිරිහැර – හිමිකරුගෙන් චෝදනාවක් (වීඩියෝ)

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුට දිගින් දිගටම තලංගම පොලිසියෙන් හිරිහැර සිදුවන බව එම හෝටලයේ හිමිකරු පවසනවා.

පසුගිය දිනක තමන්ට වරෙන්තුවක් ඇති බව පවසා තලංගම පොලිස් නිලධාරීන් පැමිණ අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ රඳවාගෙන පසුව නිදහස් කළ බවත් එම හෝටල් හිමියා සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ පොලිස් නිලධාරීන් පැමිණ හෝටලයෙන් නොමිලේ ආහාරපාන ඉල්ලා සිටින අවස්ථාවන්වල එම ආහාරපාන නොමිලේ ලබානොදීම හේතුවෙන් මේ ආකාරයෙන් තලංගම පොලිසි තමන්ට හිරිහැර කරන බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව එම පොලිස් ස්ථානයේ හිටපු ප්‍රධානියෙකුව ස්ථාන මාරු කිරීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.

මේ අතර ඊයේ දිනයේත් උසස් පොලිස් නිලධාරියෙක් හෝටලයට පැමිණ හෝටලයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවට තර්ජනය කර ගිය බවයි හෝටල් හිමිකරුවා පැවසුවේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප තලංගම පොලිස් ස්ථානයෙන් විමසීමක් කර සිටියා.

එහිදී එම පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ අදාළ හෝටලයේ හිමිකරුවන් විසින් හෝටල ඉදිරිපිට ඇති පදික මංතීරුවේ ආසන සකසා දුම්පානය කිරීමට හෝටලයට පැමිණෙන පාරිභෝගිකයින්ට පහසුකම් සකසා ඇති බවයි.

මේ හේතුවෙන් පදික මංතීරුවේ ගමන් ගන්නා පුද්ගලයින් අපහසුතාවයට පත්වන බවයි එම නිලධාරියා සඳහන් කර සිටියේ.

ඒ, සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් නිලධරීන් ඊයේ එහි ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
7
+1
25
+1
2
+1
7
+1
2
+1
13
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහනාධාර දීලා දුප්පත්කම නැතිකරන්න බෑ
02:25
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න ගාල්ලේ බන්ධනාගාරයටත් දුම ගහයි
01:56
Video thumbnail
LPL සීසන් ඊස් බෑක් - ප්‍රේමදාස පිටියේ නවතම දර්ශන මෙන්න
02:55
Video thumbnail
ගල් ඉබ්බෙකුට සමාන රුවක් අනවසර ලෙස කැනීම් කල පුද්ගලයෙකුට වැඩ වරදී
01:21
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇල මාර්ගයක තිබී හමුවෙයි
01:10
Video thumbnail
ගගේයාය ප්‍රදේශයේ නිවසකින් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය
01:14
Video thumbnail
ලාල් කාන්ත ඇමතිතුමා ප්‍රායෝගිකයි - මන් එතුමාට දොස් කියන්නේ නෑ
02:38
Video thumbnail
කැබ් රථයක් පාලනයෙන් ගිලිහී වාහනත් හ#පගෙන කඩයක් තුළ නැවතුන හැටි
00:39
Video thumbnail
යාල වනෝද්‍යානයට ගිහින් උඩියටිකුරු ගහපු Defender රථය
00:31
Video thumbnail
විභාග කොමසාරිස් ජනරාල්ට, අධ්‍යාපන ලේකම්ට වක්‍ර අල්ලසක් එනවද ?A/L සිසුන්ගෙන් මාස 3ක් අඩු කළේ ඒකද ?
02:33