පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් කැඳවන ලෙස පළවූ ප්‍රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ 2023 ඔක්තෝම්බර් මස 08 වන ඉරිදා දිනෙන් පළ කර ඇති “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතු වැකිය සහ “ස්වාධීන, විනිවිද පෙනෙන පුර්ණ විමර්ශනයක් සහ අධීක්ෂණයට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයයි” මැයෙන් පළ කර ඇති ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.

කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 88ක් සහ පිටු 48,909කින් යුතු සියලුම ලියකියවිලි 2023 අප්‍රේල් මස 20 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ට භාර දී ඇති බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන්.

කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන් සමඟ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ (05) දුරකථනයෙන් සාකච්ඡා කළ අවස්ථාවේ රදගුරු හිමිපාණන් ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තාව තමාත් අධ්‍යයනය කරමින් සිටින බවයි.

ඒ අනුව, එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව රදගුරු සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට එකඟවීමට හැකියාවක් නොමැති අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා වෙනත් නීතියක ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට ද ප්‍රතිපාදන නොමැති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව, එබඳු පරීක්ෂණ පැවැත්වීම නීති විරෝධී ක්‍රියාවක් බව ද එහි සඳහන්.

චැනල් 4 රූපවාහිනි වැඩසටහන සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා ද විශ්‍රාමික ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා.

රදගුරු සමුළුව කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ද රජය බලාපොරොත්තු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12