පාසල් නිවාඩුවත් සමග ශ්‍රී පාද වන්දනාවට විශාල පිරිසක්

පාසල් නිවාඩුවත් සමග උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන දුම්රියන්වලින් ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට පාසල් ළමුන් ඇතුළු වන්දනාකරුවන් විශාල පිරිසක් දිනපතා පැමිණෙනවා.

සති අන්තයේ මෙන්ම සතියේ මැද දිනවල එම දුම්රියන් වලින් විශාල වන්දනාකරුවන් පිරිසක් දිනපතා පැමිණෙන අතර, එසේ පැමිණෙන වන්දනාකරුවන් සහ සංචාරකයන්ට හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය ස්ථානයේ නිලධාරීන් කියාසිටියේ.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ පහසුකම් සලසා තිබෙනවා.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන විට මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේදි අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.