පානදුර – වෑකඩ වෙඩික්කරුවන්ට නවාතැන් දුන් පුද්ගලයා අල්ලයි

පානදුර, වෑකඩ ප්‍රදේශයේ පසුගිය 29 වනදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙක් මෙලෙස පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පානදුර, කවිරාජ මාවත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා පෙරදින (28) රාත්‍රියේ නවාතැන්ගෙන සිට ඇත්තේ මෙම සැකකරුගේ නිවසේ බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය 29 වනදා උදෑසන 10.00ට පමණ පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි යතුරුපැදි කොටස් අලෙවිකරන ස්ථානයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබුණා.

වෙඩි තැබීමෙන් එම ස්ථානයේ සේවකයෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

මෙම වෙඩි තැබීම වාර්තා වුනේ මෙම වසරේ මේ දක්වා සිදුවූ 50 වන වෙඩි තැබීම ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31