පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග දින නියමයක් නොමැතිව කල් යයි

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින ආතතීන් මධ්‍යයේ පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

මෙම තීරණයත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායම් විසුරුවා හැරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ සමඟ විදේශීය ක්‍රීඩකයින්ට ද නැවත සිය මව්රට බලා යාමට කටයුතු සූදානම් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පාකිස්ථාන අගමැති ෂාබාස් ෂරීෆ්ගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර වර්ධනයවන යුද ගැටුම් හේතුවෙන් පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එම නිවේදනයෙන් පැය 24ක් ගතවීමටත් පෙර තරගාවලියේ ඉතිරි තරග මෙලෙස දින නියමයක් නොමැතිව කල් දැමීමටයි කටයුතු කර ඇත්තේ.

ඉතිරි තරග පවත්වන කාලවකවානුව, ස්ථානය පිළිබඳව නිශ්චිත පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිශ්චිත දැනුම්දීමක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?