ප්‍රවීණ මෝටර් රථ ධාවකයෙකු යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට

හොරණ ගෝවින්න ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් ප්‍රවීණ මෝටර් රථ ධාවකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද උදෑසන 6ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හොරණ අගලවත්ත මාර්ගයේ ගෝවින්න ප්‍රදේශයේ වංගුවක් සහිත ස්ථානයකදීයි.

මියගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි කෞෂල්‍ය සමරසිංහ නම් තරුණයෙක්.

ඔහු තවත් පිරිසක් සමග යතුරුපැදිවලින් බුලත්සිංහල දෙසට යන අතර මතුගම සිට හොරණ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ මෙම මෝටර් රථ ධාවකයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර බුලත්සිංහල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51