ප්‍රමිතියෙන් තොර හෙල්මට් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර – අමාත්‍ය වසන්ත සමරසිංහ

පාරිභෝගික සේවා අධිකාරි පනතින් පැවරී ඇති බලතල අනුව පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සහ වෙළෙඳපොළේ අලෙවි වන භාණ්ඩවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම රජයේ අනිවාර්ය වගකීමක් බවත්, පසුගිය ජූලි 27 වන දින දිවයින පුරා සිදු කරන ලද විශේෂ වැටලීම් ක්ෂණික හෝ හදිසි කඩාපැනීම් නොව පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් නීත්‍යානුකූලව ඉටු කරන ලද නිත්‍ය කාර්යභාරයක් බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

පසුගිය ජූලි 27 වන දින පාරිභෝගික සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් මෙහෙයුම සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව කළ විමසීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

2003 අංක 09 දරණ පාරිභෝගික සේවා අධිකාරී පනතේ 12(2) වගන්තිය ප්‍රකාරව සිදුකළ මෙම මෙහෙයුමේ දී දිවයින පුරා ස්ථාන 98ක් පරීක්ෂාවට ලක්කරමින් SLS සහතිකය නොමැතිව අලෙවි කළ හෙල්මට් 431ක් සහ කල්ඉකුත් වූ හෝ අලුත් නොකළ SLS සහතික සහිත හෙල්මට් 3,520ක් ඇතුළුව 4,000 කට ආසන්න සමස්ත හෙල්මට් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල ගමන් ගන්නා මෝටර් සයිකල් පදිකයන් සහ පසුපස ගමන් ගන්නා මගීන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා නිසි ප්‍රමිතියෙන් යුතු හෙල්මට් භාවිතය අනිවාර්ය වනවා.

මෝටර් සයිකල් තරඟ සඳහා භාවිත කරන හෙල්මට් සහ සාමාන්‍ය මහා මාර්ගයේ භාවිත කරන හෙල්මට් අතර පැහැදිලි වෙනසක් පවතින අතර, වර්තමානයේ වෙළෙඳපොළේ පවතින ඇතැම් හෙල්මට් ආරක්ෂිත ආවරණයකට වඩා පළඳනාවක් ලෙස පමණක් සකසා තිබීම දැඩි අවදානම් සහගත තත්ත්වයක් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

2026 ජනවාරි සිට ජූනි 30 දක්වා කාලය තුළ පාරිභෝගික සේවා අධිකාරිය මගින් නඩු 53 ක් පවරා නඩු 39ක් අවසන් කර ඇති අතර, ඉදිරියේදී තවත් නඩු 151ක් පැවරීමට කටයුතු යොදා තිබෙනවා.

පාරිභෝගික ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන්, වෙළෙඳසැල්වල අලෙවියට තබන සියලුම හෙල්මට් සඳහා SLS 517 සහතිකය හා අදාළ ලාංඡනය පවතීදැයි තහවුරු කරගනිමින්, SLS සහතිකය නොමැති හෝ කල්ඉකුත් වූ හෙල්මට් අලෙවි කිරීමෙන් සහ ලාභය පමණක් තකා ප්‍රමිතියෙන් තොර හෙල්මට් වෙළෙඳපොළට මුදාහැරීමෙන් සියලුම නිපදවන්නන්, ආනයනකරුවන්, තොග හා සිල්ලර වෙළෙඳුන් වැළකී සිටිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය ගැන නාමල්ට කතා කරන්නවත් අයිතියක් නෑ - විහිළුවක්
04:28
Video thumbnail
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා ?දොලවත්ත හෙළිකරයි
06:28
Video thumbnail
දයාසිරි, දොලවත්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - විනිසුරුවරුන් තාම අල්ලස් අරගෙන නැහැ
08:01