ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කෙරේ

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික තටාකාංගනයේ, නාවික යුදා යුද දෙපාර්තමේන්තු ජැටිය පරිශ්‍රයේ (CNAD Pier) ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ඊයේ (20) දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

එම ව්‍යාපෘතිය යටතේ නාවික තටාකාංගනයේ, නාවික යුදායුද දෙපාර්තමේන්තු ජැටිය පරිශ්‍රයේ ස්ථාපනය කළ 1024 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය, විවෘත කිරීමයි මෙලෙස සිදු කෙරුණේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මග පෙන්වීම මත, නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් ක්‍රියාවට නංවනු ලබනවා.

මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපනය මගින් නාවික යුදායුද දෙපාර්තමේන්තු ජැටියට යාබද ව නවත්වනු ලබන නාවික හමුදා යාත්‍රාවන්ගේ නාවික හමුදා පුද්ගලයන්ගේ මෙන්ම නාවික තටාකාංගනයේ නාවික හමුදා පුද්ගලයන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06