පලස්තීනයේ 5000කට අධික පිරිසක් ඊශ්‍රායලයෙන් මැරුම් කති

ගාසා තීරයට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මේ වනවිට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 5087ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව ද 15,273ක අගයක් ගන්නා බවයි.

මෙම නිල නිවේදනය පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබුවා.

මීට අමතර ව රොයිටර්ස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායල සොල්දාදුවන් ගාසා තීරයේ සිටින හමාස් සංවිධානය මුළුමනින් ම විනාශ කිරීමට දැඩි ප්‍රහාර ගුවනින් , ගොඩබිම් මෙන් ම මුහුදෙන් ද එල්ල කිරීමට පියවර ගෙන ඇති බවයි.

අද පෙරවරුව වන විට ඊශ්‍රායලය ගාසා තීරයට ගුවනින් දැවැන්ත ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ගෙවුණු පැය 24 තුළ පමණක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 436 දෙනෙකු මියගිය බවයි.

මෙලෙස මියගිය පිරිස් අතරින් බොහෝ දෙනෙක් දකුණු ගාසා තීරයේ වැසියන් බවත් වාර්තා වනවා.

ගාසා තීරයේ මිලියන 2.3 ක ජනතාවක් ජීවත් වන අතර, මෙම යුද ගැටුම් හේතුවෙන් ඇතැමෙක් නගරය තුළ ආහාරපාන, ඖෂධ නොමැතිව අනේක දුක් විඳින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් යුරෝපීය නායකයින් විසින් දෙපාර්ශ්වයට ම දන්වා ඇත්තේ සටන් විරාමයකට එළඹෙන ලෙසයි.

නමුත් ඊට ඊශ්‍රායලයේ අනුමැතිය හිමි ව නැහැ.

ඊශ්‍රායල ගුවන් හමුදාව දකුණු ලෙබනනයට ද එක් රැයකින් පහරදීමත් සමග බටහිර ඉවුරේ හමාස් – ඊශ්‍රායල ගැටුම් උත්සන්න වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම ප්‍රහාරවලට එරෙහිව හමාස් සංවිධානය ද ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

  1. ISRAEL 1:10 THEORY EKA ANUWA, HAMAS DIRECT INVADE EKEN EYALAGE 1200 MARILA THIYENAWA. GEWAL WAHANA, FACTORY, SHOPS, BUILDINGS, ROADS, INFRASRUCTURE HANIYA BOHOMA DARUNUYI LU. ISRAEL WISIN DENATA GAZA PALASTINES LA 5,500 AIR STIKE SAHA SURFACE TO SURFACE MISILE, SHELL, ROCKETATTACK WALIN MARALA THIYENWA. EYI KIYANNE TARGET EKEN 1/2 WATH MARALA NAHE. EYI ANUWA THAWA 6500 WADA MARANNA NIYAMITHAYI. EKA UN KARANNE GAZA PROPERTIES, BUILDINGS, VEHICLES, FACTORIES TARGET KARALA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56