පයාගල පොලිස් වසමට අයත් කුඩා පයාගල දේවස්ථානය පිටුපස මුහුදේ දිය නෑමට ගිය, දරුවන් සිව් දෙනෙක් අතරින් එක දරුවෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇති බව පයාගල පොලිසිය පවසනවා.
මෙලෙස දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇත්තේ 15 හැවිරිදි කුඩා පයාගල ප්රදේශයේ දරුවෙක් බවයි වාර්තා වන්නේ.
මුහුදු වෙරළේ ගල් වලින් සෑදූ විශේෂ වැටිය අසළ, මෙම දරුවන් සිව් දෙනා දිය නාමින් සිට ඇති අතර, ඉන් එක් අයෙක් දිය වැලකට හසුව ගසා ගෙන ගොස් තිබෙනවා.
අතුරුදහන් වූ දරුවා සොයා ශ්රී ලංකා නාවික හමුදාවේ ජීවිත ආරක්ෂක කණ්ඩායමක් මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතිනවා.













