නීති විරෝධී බීඩි කොළ තොගයක් මීගමුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මුහුදු ප්‍රදේශයේ ඊයේ (18) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී, එම යාත්‍රාව තුල උර විසි එකක අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 810කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 41 ක් හා 44ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාරදී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17