කෑගල්ල, ඇල්බට් සෙනිවිරත්න මාවත ප්රදේශයේ ඊයේ (18) රාත්රියේ හෝටලයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා, කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
පොලිසිය සඳහන් කළේ, එම හෝටලයේ පැවති සාදයක් අතරතුර, සාදයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් සමඟ එම හෝටලයේ සේවකයෙක් ගැටුමක් ඇතිකර ගෙන ඇති බවත්, පසුව ගැටුම දුරදිග ගොස් අදාළ හෝටල් සේවකයා විසින් එම පුද්ගලයන් දෙදෙනා ඉලක්කර වායු රයිෆලයකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
වෙඩි තැබීම සිදු කළ අදාළ පුද්ගලයා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, අදාළ වායු රයිෆලය ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසනවා.













