ගෙවල් සදාදෙන බව පවසා සල්ලි හොරා කෑ තරුණියන් දෙදෙනෙක් මාට්ටු

පහසු ගෙවීම් ක්‍රමයට නිවාස ඉදිකර දෙන බවට පවසා පුද්ගලික ආයතනයක් මඟින් මුදල් ලබා ගෙන එම නිවාස ඉදිකර නොදී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබූ පැමිණිලි 245 ක් මත එම අංශය විසින් විර්මශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව 2026.07.28 දින මෙම අපරාධයට සම්බන්ධ එම පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මෙම ආයතනයේ ප්‍රධාන අලෙවි කළමණාකරු වශයෙන් හා මෙහෙයුම් නිලධාරී වශයෙන් කටයුතු කළ සැකකාරියන් දෙදෙනෙකු මෙම මුදල් වංචාවට අධාර අනුබල දීමේ වරදට පෙරේදා (17) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙතෙක් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත සැකකාරියන් සතුව තිබූ කාර් රථ 04 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 හා 31 හැවිරිදි, කහවත්ත හා කඩුවෙල ප්‍රදේශවල පදිංචිකාරියන් දෙදෙනෙක්.

සැකකාරියන් ඊයේ (18) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08