මව සමඟ පැටලුනු ලොකු පුතාගේ ජීවිතය බාල පුතු අතින් අවසන් වෙයි

අගුරුවාතොට පොලිස් වසමේ පොතිගමුව කන්ද ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රීයේ සිදු වූ ආරවුලක් අතරතුර සිදු කළ පහරදීමකින්, පුද්ගලයෙක් විසින් සිය වැඩිමල් සහෝදරය ඝාතනය කර ඇති බව අගුරුවාතොට පොලිස් පවසනවා.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හල්තොට ,බාලසූරිය මාවත, පෙතිගමුව කන්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එක් දරු පියෙක්.

වැඩිමහල් සහෝදරයා සිය මව සමඟ ඇතිකර ගත ආරවුලක් දුරදිග යාමෙන් සහෝදරයන් දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිමහල් පුත්‍රයාගේ පහරකෑමෙන් වැලකීම සඳහා අදාළ මව, සිය නිවස පිටුපස පිහිටි බාල පුත්‍රයාගේ නිවසට ගොස් තිබෙනවා.

එහිදී වැඩිමහල් සහෝදරයා එම නිවසට ද ඇතුළු වී මවට පහරදීමට උත්සහ කර ඇති අතර, එම අවස්ථාවේ දී බාල සහෝදරයා පහර දීමක් සිදු කර ඇති අතර එම පහරදීමෙන් වැඩිමහල් සහෝදරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය විසින් ඝටහනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17