පයාගල කාන්තාවන්ට හිසරදයක් වී සිටි ‘පොඩ්ඩේ’ කල්පිටියේ දී මාට්ටු (ඡායාරූප)

පයාගල ප්‍රදේශයේ කාන්තාවන් පමණක් ජීවත්වන නිවාස වලට ඇතුළු වී එම කාන්තාවන් බියගන්වාතර්ජනය කර ලිංගික අඩන්තේට්ටම් සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘පොඩ්ඩේ’ නමින් හඳුන්වන අදාළ සැකකරු පයාගල ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් පෙරේදා (19) කල්පිටිය ප්‍රදේශයට ගොස් එහි සිට මුහුදු මාර්ගයෙන් රටින් පළායාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්වැසියන්ගෙන් ලද පැමිණිලි ඔස්සේ 37 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පයාගල පොලිසිය මීට පෙර උත්සාහයන් කිහිපයක්ම ගෙන ඇති අතර,එම උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.

පයාගල පොලිස් වසමට අයත් රාගලවෙල, කටුකුරුඳුගහලන්ද, දේවාල කන්ද, අක්කර අසූව වේරගල යන ප්‍රදේශවල තනිව ජීවත් වූ කාන්තාවන්ට සැකකරු විසින් අමානුෂික ලෙස ලිංගික හිංසනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ලැජ්ජාව හේතුවෙන්, සැකකරුගෙන් සිදු වූ හිංසනයන් අනාවරණය කිරීමට ඇතැම් කාන්තාවන් කටයුතු කර නොමැති බවට ද තොරතුරු වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

04 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
34
අවුල් වගේ !
22
හරි හිනා !
41
හම්මෝ !
19
මාර දුකයි !
23
මලපනිනව !
185
කුජීතයි !
69
spot_img
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?