spot_imgspot_img

පන්සලේ නාට්‍ය සංදර්ශනය මැද්දේ පුතා, පියාට පොරවෙන් කොටලා

විහාරස්ථානයක පැවති නාට්‍ය සංදර්ශණයක් අතර තුර ඇති වූ බහින් බස්වීමකින් පසු, පුතා විසින් පොරවකින් පහර දී පියාට බරපතළ සිදුකළ පුවතක් ගිරිබාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ගිරිබාව – ලංකාරාම විහාරස්ථානයේ දී අද (25) අලුයම් කාලයේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

ගිරිබාව, සෝලේවැව, යාය 04 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙම පහරදීමෙන් තුවාල ලබා ඇති අතර, ඔහු ගිරිබාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා තඹුත්තේගම දිසා රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති, අතර ගිරිබාව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?