නීතිවිරෝධී මත්පෙති තොගයක් නාවික හමුදා භාරයට

මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ නීති විරෝධී ලෙස රැගෙන එන ලද බවට සැකකෙරෙන Pregabalin වර්ගයේ මත්පෙති හය දහසක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරුමැද නාවික විධානයේ තම්මැණ්ණා සහ ගජබා ආයතන විසින් මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ ඊයේ දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම මත්පෙති හමුවී ඇත්තේ.

එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ පාර්සල් 4ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී, එම පාර්සල් තුල ඇසුරුම් කර තිබූ නීති විරෝධී ලෙස රැගෙන එන ලද බවට සැකකෙරෙන Pregabalin වර්ගයේ මත්පෙති තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එම මත්පෙති තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මන්නාරම, කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03