Fly high Get bonus Aviator Phone

නීතිවිරෝධී මත්පෙති තොගයක් නාවික හමුදා භාරයට

මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ නීති විරෝධී ලෙස රැගෙන එන ලද බවට සැකකෙරෙන Pregabalin වර්ගයේ මත්පෙති හය දහසක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරුමැද නාවික විධානයේ තම්මැණ්ණා සහ ගජබා ආයතන විසින් මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ ඊයේ දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම මත්පෙති හමුවී ඇත්තේ.

එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ පාර්සල් 4ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී, එම පාර්සල් තුල ඇසුරුම් කර තිබූ නීති විරෝධී ලෙස රැගෙන එන ලද බවට සැකකෙරෙන Pregabalin වර්ගයේ මත්පෙති තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එම මත්පෙති තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මන්නාරම, කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?