සීගිරිය පොලිස් වසමේ පළුටාව ප්රදේශයේදී ඊයේ (02) දින අළුයම වන අලියෙකු පහරදී හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරණකරු අවුරුදු 77 ක් වූ කිඹිස්ස ප්රදේශයේ පදිංචිකරුවෙක්.
නිවසෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මෙම පුද්ගලයා මෙලෙස වන අලි පහරදීමකට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර සීගිරිය පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීගිරිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.










