නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට රජයේ විශේෂ අවධානය

මෙරට පර්යේෂණ සහ සංවර්ධන (Research & Development ) ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රජය මේ වන විට වැදගත් පියවර කිහිපයකට එළැඹ තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති අතර, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ (NASTEC) සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් විශේෂඥයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සම්පත්දායකත්වය සපයා ඇති බවයි.

මෙම නව පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීමේදී සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමේ වැදගත්කම ද හඳුනාගෙන තිබෙනවා.

මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන රැස්වීම් මාලාවක් ඉදිරි සතියේ දී පැවැත්වීමට නියමිතයි.

අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සහ පෞද්ගලික පර්යේෂණ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින් මෙම රැස්වීම් සඳහා සහභාගී වීමට නියමිත අතර, සියලුම අංශවල අවශ්‍යතා සහ අපේක්ෂා මෙම පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තියට අන්තර්ගත කර ගැනීම එහි අරමුණයි.

මෙම නව ප්‍රතිපත්තිය මගින් රජයේ ජාතික සංවර්ධන දැක්මට සමගාමීව, නවෝත්පාදන වාණිජකරණය වේගවත් කිරීමත්, එමගින්, සමාජ සංවර්ධනය හා පරිසර තිරසරභාවය අත්පත් කර ගැනීමත් අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
01:15
Video thumbnail
🔴Breaking News
09:34
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන..ගම්මු වටවෙයි - පොලිසියත් එයි
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51
Video thumbnail
🔴Breaking News
04:05
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35