නඩු එකොළොස් ලක්ෂයකට වැඩි ගණනක් උසාවිවල ගොඩගැහිලා

අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත නඩු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ බැවින්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවීම පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විසඳීමට නියමිත නඩු 5,785 ද, අභියාචනාධිකරණයේ නඩු 4,572ක්, අපරාධ නඩු විභාග වන මහාධිකරණයන්හී නඩු 6,286ක්, වාණිජ මහාධිකරණයේ නඩු 6,146ක්, විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයේ නඩු 3ක්, මහාධිකරණයේ නඩු 27,324ක්, දිසා අධිකරණයේ 262,665ක්, ළමා මහේස්ත්‍රාත්ධිකරණයේ නඩු 1,260ක් යනාදී වශයෙන්, සමස්ත ලෙස වීසඳීමට නියමිත නඩු සංඛ්‍යාව 1, 131,818ක් වන බව පැමිණ සිටි නිලධාරීන් පැවසුවා.

නඩු විභාග කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, ඒ සම්බන්ධයෙන් විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් සඳහන් කර සිටියා.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ සභාපතිත්වයෙන් ඊයේ (27) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී අනාවරණය වුණා.

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් විශාල ප්‍රමාදයක් පවත්නා බව මන්ත්‍රීවරු පැවසුවා.

දිවයින පුරා පොලිස් කොට්ඨාස මගින් ලැබෙන්නා වූ අපරාධ නඩු විභාග කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයට අනුයුක්තව ඇත්තේ රජයේ අධි නීතිඥවරු 70ක් පමණ බව පැමිණ සිටි නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දුන්නා.

තව ද, පවරා ඇති නඩු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා රජයේ අධි නීතිඥවරයෙක් වසර ගණනාවක අත්දැකීම් සහ පළපුරුද්දකින් යුක්ත විය යුතු බවත්, ජ්‍යෙෂ්ඨත්වය ප්‍රධාන සාධකයක් බවත් ඔවුහු තවදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ ප්‍රමාදයන් පිළිබඳව කතිකාව කලක සිට පවතින බවත්, දෙපාර්තමේන්තුව සතු නීති නිලධාරීන් පවත්නා නඩු ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කරුණු දක්වමින් පැවසුවා.

තව ද, අවුරුදු 30කට ආසන්න අත්දැකීම් සහිත අතිරේක සොලිසිටර් ජනරාල්වරු 06 දෙනෙකු පමණ මේ වසර තුළ සේවය හැර යන බව පැවසු ඔහු, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට රජයක් වශයෙන් මේ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53