ඉන්දියාව සමඟ දෙවන තරගයත් නොමිලේ නැරඹීමේ අවස්ථාව

කොළඹ SSC පිටියේ දී හෙට (23) දිනයේ සිට පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උදාකර දී තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ දී සිට ලබන 27 වැනිදා දක්වා තරගය පැවැත්වීමට නියමිත අතර තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමකින් තොරව ක්‍රීඩාංගනයට ඇතුල්වීමේ අවස්ථාව හිමි වනවා.