නඩුබඩු කාමරයේ තිබූ මිලියන ගාණක හෙරොයින් අතුරුදන් වීම ගැන උසාවියෙන් CID වෙත නියෝගයක්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් මිලියන 240 ක් වටිනා හෙරොයින් කිලෝ 12 ක් අස්ථානගතවීමේ සිද්ධියට තවත් පුද්ගලයන් සම්බන්ධව සිටී ද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) නියෝග කළා.

හෙරොයින් කිලෝ 12ක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩුබඩු කාමරයේ හිටපු භාරකරු වන මොහොමඩ් නියාස් මොහොමඩ් නද්මි නමැත්තාගෙන් හා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ විස්කි බෝතල් අතුරුදන්වීම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සම්පත් නමැති සැකකරුවන් දෙදෙනාගෙන් එසේ ප්‍රකාශ ලබාගැනීමට අධිකරණයෙන් නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 12ක් අස්ථානගතවීමේ සිද්ධියට තවත් පුද්ගලයන් සම්බන්ධවී තිබේ ද යන්න පිළිබඳ ව විමර්ශනය කිරීම සඳහා අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

  1. ඇක්සිඩන්ට් වෙලා පොලිසියට අරගෙන ගිය කාර් එකේ බැට්රියයි, රේඩියෝ සෙට් එකයි නැති වෙන කොට, ඔච්චර වටින දේවල් ගැන කවර කතාද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21