දෙහිවල ගොඩනැගිල්ල සිද්ධිය ගැන මෙතෙක් නීතිපති උපදෙස් ලැබුණේ නැහැ – පොලිසිය අධිකරණයට කියයි

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස් හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නැතැයි කොළඹ වංචා විමර්ශන කාර්යංශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අද ( 27) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරි විමර්ශන සඳහා පුද්ගලයන් කිහිප දෙනෙක්ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනයකදී අධිකරණයට කරුණු වාර්තා කරන බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එහිදී අධිකරණයට පවසා සිටියා.

අපරාධ වරදක් සිදුවී ඇති බවට තීරණය කර මුල් පැමිණිලිකරු විසින් නම් කරනු ලැබ ඇති පුද්ගලයන් සැකකරුවන් ලෙසට නම් කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මුල් පැමිණිලිකරු වෙනුවෙන් කරන ලද ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් පසුගිය සැප්තැම්බර් මස 26 දින නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරන ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින මෙම නඩුවෙහි විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර ඇති පසුබිමක, මේ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය විසින් දැනට සිදු කර ඇති විමර්ශනයන්ට අනුව අපරාධ වරදක් සිදුවී ඇති බවට කරුණු අනාවරණය නොවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලැබුවා.

ව්‍යාජ ලෙස බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස් හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය නඩු වාරයකදී එවකට ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරිය කරන ලද නියෝගයකට අනුව, අගෝස්තු 14 දින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අගෝස්තු 21 වන දින අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ ප්‍රකාශ ලබා දී තිබුණ ද එම ප්‍රකාශ සටහන් කර, විමර්ශන අවසන් කිරීමට පෙර මෙම නඩුවේ විමර්ශන ගොනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59