දෙවන රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථ වාහන සැලස්මක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද (27) වීථී සංචාරය කෙරෙනවා.

ඒ, අනුව විශේෂ රථ වාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය පවසන්නේ.

පෙරහැර අද රාත්‍රී 6.46ට දළදා වීථිය, ඩී.එස් සේනානායක වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථිය, කොටුගොඩැල්ල වීථිය, හරස් වීථිය, ඩී.එස්. සේනානායක වීථිය, රජ වීථිය ඔස්සේ ගමන්කර ගෙවැදීමට නියමිතව තිබෙනවා.

මේ අතර පළමු රන්දෝලි පෙරහැර ඊයේ (26) වීදි සංචාරය කළ අතර, පෙරහැර නැරඹීම සඳහා විශාල ජනකායක් සහභාගී වී සිටියා.

එමෙන්ම පළමු රන්දෝලි පෙරහැර දින දන්ත ධාතූන් වහන්සේ උදෙසා මීපැණි පූජා කළ ආදිවාසීන් පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටි බවයි වාර්තා වුණේ.

ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් දියවඩන නිලමේවරයා ද පළමු රන්දෝලි පෙරහැරේ ගමන් කරනු ලැබුවා.

පොලීසිය ක්‍රියාත්මක කරන වාහන සැලස්ම පහතින්.

01 11



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර හා විමල් වීරවංශ අතර විශේෂ හමුවක් - රැළියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනා කළා
02:29
Video thumbnail
විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ..පච පතුරව පතුරව යනවා
02:31
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25