රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව 67වෙනි වරටත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සංවිධානය කර තිබූ අතර, 2025 වසරේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවය අගයමින් ඉසව් 50කට අධික සංඛ්‍යාවකගෙන් ලේඛක ලේඛිකාවෝ රැසක් මෙහිදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා.

මීට අමතරව, සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාහිත්‍යකරණයෙහි නිරත වෙමින්, මෙරට සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “සාහිත්‍යරත්න” ගෞරව සම්මානය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා.

සිංහල මාධ්‍ය වෙනුවෙන් කිවියර පරාක්‍රම කොඩිතුවක්කු ද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් කිවියර සෝමසුන්දරම්පිල්ලේ පද්මනාදන් මහතාද, ඉංගී‍්‍රසි මාධ්‍ය වෙනුවෙන් සම්මානනීය මහාචාර්ය ඊ.ඒ. ගාමිණී ෆොන්සේකා ද මෙලෙස එම සම්මානයෙන් පිදුම් ලැබුවා.

2026 වසරේදී සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථ කට්ටලය, සමරු කලාපය සහ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් ලියැවුණු 2026 සාහිත්‍ය කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණා.

මෙහිදී අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ප්‍රගතියේ ගමන් මාවතට ප්‍රවිශ්ට කරවා ගැනීමට පසුගිය දෙවසර තුළ හැකි වූ බවත්, පසුගිය දෙවසර සමාජ පරිවර්තනයේ දෙවසර බවත්ය. ශිෂ්ටාචාරමය වෙනසක් සහ ආයෝජනයක් වන එම සමාජ පරිවර්තනය වෙනුවෙන් කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රය ලබා දුන් දායකත්වය අනුපමේය බවත්, ඒ වෙනුවෙන් කැප වූ සියලුදෙනා වෙත කෘතවේදීත්වය පළ කරන බවත් අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම, පසුගිය දෙවසර තුළ මෙරට කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට හැකි වූ බවත්, දීර්ඝකාලීන අවශ්‍යතාවක්ව පැවති සමකාලීන කලාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජාතික ප්‍රතිපාදනයක් සකස් කර ගැනීම, ඈත ගම්මානවල වෙසෙන කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ජනතාව වෙනුවෙන් සංස්කෘතික මධ්‍යස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම, කලා මණ්ඩල පනත ඇතුළු පනත් 05ක් සංශෝධනය කිරීම හෝ අලුතින් සම්පාදනය කිරීම ඒ අතර ප්‍රමුඛ වන බවත්, මෙරට කලා සංස්කෘතික ක්ෂේත්‍රය බාධාවකින් තොරව නූතන අවශ්‍යතා සමග ගළපාගෙන ඉදිරියට ගෙන යාමට එය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා

ශ්‍රී ලංකාව ප්‍රගතියේ ගමන් මාවතට ප්‍රවිශ්ට කරවා ගැනීමට අපිට පසුගිය දෙවසර තුළ හැකි වුණා.
අපි පසුගිය දෙවසර සලකන්නේ සමාජ පරිවර්තනයේ දෙවසර ලෙසයි. එසේම, එම සමාජ පරිවර්තනය අප සලකන්නේ ශිෂ්ටාචාරමය වෙනසක් සහ ආයෝජනයක් ලෙසයි. එහිදී කලා සංස්කෘතික ක්ෂේත්‍රය ලබා දුන් දායකත්වය සුළුපටු නැහැ.

අපේ කලා සංස්කෘතික ප්‍රතිපත්තිය වන්නේ උදාර සංස්කෘතික ජීවිතයක් – සහකම්පනීය ජනතාවක් යන්නයි. එහිදී ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ ඒ යටතේ ක්‍රියාත්මක වන අනුමණ්ඩල 09ක් යටතේ විශාල වැඩකොටසක් ඉටු කරනු ලබනවා.

අද ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයන් තිදෙනෙක් “සාහිත්‍යරත්න” සම්මානයෙන් පිදුම් ලැබීම අපි සියලුදෙනාට ඉමහත් ගෞරවයක්. මහා කිවිවර පරාක්‍රම කොඩිතුවක්කු කිවිඳුන් 1973 “පොඩි මල්ලියේ” කාව්‍ය සංග්‍රහය රචනා කළා. එතැන් සිට 2026 දක්වා “සඳඑළියෙහි වරදක් නැහැ” කියන අලුත්ම කාව්‍ය සංග්‍රහය දක්වා ලංකාවේ කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් ඔහු ඉටු කළ මෙහෙවර මෙතෙකැයි කියා කියන්න බැහැ. ඒ වගේම සමාජ ක්‍රියාකාරිකයෙක් සහ මගපෙන්වන්නෙක් ලෙස ඔහු සිදු කළ මෙහෙවර අමතක වන්නේ නැහැ.

සම්මානනීය මහාචාර්ය ඊ.ඒ. ගාමිණි ෆොන්සේකා මහතා සමග වසර 25කට පමණ එපිට සබරගමුව විශ්වවිද්‍යාලය තුළ ආචාර්යවරුන් ලෙස කටයුතු කිරීමට මට භාග්‍යය ලැබුණා. ඔහු මුළු ජීවිතයම ගත කළේ ඉංග්‍රීසි භාෂාව සහ ඉංග්‍රීසි සාහිත්‍ය ඉගැන්වීමටයි. ඒ වගේම කිවිවර සෝමසුන්දරම්පිල්ලේ පද්මනාදන් මහතා යාල් සම්මානය, ශිව දෙමළ සම්මානය, යාල් මුත්තු සම්මානය වැනි සම්මාන රැසකින් ඇගයීමට ලක්ව තිබෙනවා.

පසුගිය දෙවසර තුළ මෙරට කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට හැකි වුණා.
දීර්ඝකාලීන අවශ්‍යතාවක්ව පැවති සමකාලීන කලාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජාතික ප්‍රතිපාදනයක් සකස් කර ගැනීමට හැකි වීම එහිලා සුවිශේෂී වෙනවා. එසේම, අමාත්‍යාංශයට වෙන් වන ප්‍රතිපාදනවලට අමතරව සාහිත්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළා. බහු සංස්කෘතික මධ්‍යස්ථානවලට අවශ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් එම මුදල් උපයෝගී කර ගන්නවා. ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වුණේම එම ප්‍රතිපාදන ඈත ගම්මානවල වෙසෙන කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ජනතාව වෙනුවෙන් යෙදවීමටයි.

ඒ වගේම, ලංකා කලා මණ්ඩල පනත සංශෝධනය කරමින් මේ වන විට එම කටයුත්ත අවසන් කර තිබෙනවා. ඊට අමතරව අපේ අමාත්‍යාංශය යටතේ තවත් කෙටුම්පත් 05ක් සංශෝධනය හෝ අලුතින් සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතිනවා. මෙම ක්ෂේත්‍ර බාධාවකින් තොරව නූතන අවශ්‍යතා සමග ගළපාගෙන ඉදිරියට ගෙන යාමට මෙය දැඩි අවශ්‍යතාවක් වෙනවා. ඒ වගේම ඔස්කාර් සම්මානය වෙනුවෙන් සිනමාපටයක් ඉදිරිපත් කිරීමට මෙරට ඉතිහාසයේ පළමු වතාවට චිත්‍රපට සංස්ථාව සමත් වී තිබෙනවා. මෙම සුවිශේෂී ජයග්‍රහණ සමග අපේ කලා සංස්කෘතික ක්ෂේත්‍රය දිගින් දිගටම ඉදිරියට යනවා.

අද රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ සියලු සාහිත්‍යධරයන්ට නැවත වතාවක් මාගේ හෘදයාංගම සුබපැතුම් එක් කරනවා.”

මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයෝද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ කේ.එස්. දිල්හානි, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති කමල් පෙරේරා ද, විද්වතුන්, ලේඛකයන්, කලාකරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:25
Video thumbnail
කාන්තාවන් දෙදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:24
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:35
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19